පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නව නීතිරීති

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට නව නීතිරීති

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර අවසන් කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත් මහතා පවසනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමද මෙමඟින් අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන අනුව තාක්ෂණ විෂය භාර අමාත්‍යවරයාට හිමි බලතල ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි V වැනි කොටස 2023 ජූලි මස සිට ක්‍රියාත්මක වන අතර, එමඟින් අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණා.

ඉන් පසුව 2023 ඔක්තෝබර් මාසයේ දී මෙම අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඒ බව ප්‍රසිද්ධ කරන ලදී.

පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ කටයුතු කරනු ලැබීම නියාමනය කරන ආයතනයක් වශයෙන් මෙම අධිකාරිය ක්‍රියාත්මක වන අතර පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතෙහි පූර්විකාවෙහි දැක්වෙන අභිමතාර්ථයක් වූ ඩිජිටල් ආර්ථික කටයුතුවල වර්ධනය හා නවෝත්පාදන සඳහා පහසුකම් සැපයීමට ද දත්ත ආරක්ෂණ අධිකාරිය අපේක්ෂා කරනවා.

මෙම නවතම ගැසට් නිවේදනය මඟින් 2025 මාර්තු මස 18 දින සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක හා බලාත්මක තත්ත්වයට පත් කෙරෙනවා.

Share This