පිලිපීනයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට

පිලිපීනයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළට

දකුණු පිලිපීනයේ නායයාමකින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා

තවත් දිවි ගලවා ගත් අය සෙවීමේ කටයුතු ද දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Davao de Oro පළාතේ Maco නගරයේ රන් පතලකින් පිටත පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම නාය යාම සිදුව තිබුණා

නාය යාමෙන් 63 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 32 ක් බව සඳහන්

එමෙන්ම 300කට අධික පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ නමුත් අධික වර්ෂාව, මඩ සහ තවදුරටත් නාය යෑමේ තර්ජනය හේතුවෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This