
පාසල් පැවැත්වෙන ආකාරයේ වෙනසක්
අගෝස්තු 08 වනදායින් ආරම්භ වන සතියේ සඳුදා, අගහරුවදා සහ බදාදා පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාසල් නොපැවැත්වෙන අතර සිකුරාදා දින සිසුන් නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නිරත විය යුතුයි.
කෙසේ වෙතත් ප්‍රවාහන පහසුකම් බලනොපාන පාසල් සිකුරාදා දින විවෘත කිරීමටද අවශ්‍යනම් හැකියාව පවතිනවා.
මෙම ක්‍රමවේදය වලංගු වන්නේ අගෝස්තු 08 සිට අගෝස්තු 12වනදා දක්වා පමණයි.