ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම්

ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම්

ප්‍රංශය වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වසරකට සිදුවන දුම් පානය කිරීම මගින් සිදුවන මරණ 75,000ක් වැළැක්වීමට රජය බලාපොරොත්තු වන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පියවර දුම්පානයට එරෙහිව සටන් කිරීමේ රජයේ සැලැස්මේ කොටසක් හා 2032 වන විට දුම්කොළවලින් තොර පරම්පරාවක් නිර්මාණය කිරීම අරමුණු කරනවා. .

මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය Aurélien Rousseau පවසන්නේ ප්‍රංශය තුළ වෙරළ, පොදු උද්‍යාන, වනාන්තර සහ පාසල් ආසන්නයේ ඇතුළු තවත් පොදු ස්ථාන කිහිපයකම දුම්පානය ඉක්මනින් තහනම් කරන බවයි.

එම නීතිවලට අවනත නොවන අයට ලබන වසරේ මුල් භාගයේ සිට දඩ නියම කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This