පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් හෙට සිට මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකියි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් හෙට සිට මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකියි

2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට (13) සිට ලබන 29 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා

මීට අමතරව http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමට ද හැකියි

Share This