නාවික හමුදාව මගින් අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

නාවික හමුදාව මගින් අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමග ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවදානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම්වලට නාවික හමුදාව විසින් නිරන්තර දායකත්වය දක්වනු ලබනවා.

ඒ අනුව ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදිකර ඇති අගලිය පාලම තුළ සිදුකළ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම මගින් අපද්‍රව්‍ය සිරවී ජලය ක්‍රමවත්ව බැස නොයාමෙන් එම ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවදානම වැළැක්වීමට හැකිවූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This