
නාඳුනන මළ සිරුරක් මුහුදු තීරයේ
වත්තල – පල්ලියවත්ත ප්‍රදේශයේ මුහුදු තීරයට නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 65ත් 70ත් අතර වියේ පසු වූ පුද්ගලයෙක් බවටයි පොලිසිය පවසන්නේ.
එසේම අඩි 05යි අඟල් 02ක් පමණ උස එම මරණකරු කහ පැහැති අත් කොට කමිසයක් සහ අළු පැහැති දිග කලිසමක් හැඳ සිට තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.