න්‍යෂ්ටික ප්‍රහාරවලට ශ්‍රී ලංකාව සූදානම්

න්‍යෂ්ටික ප්‍රහාරවලට ශ්‍රී ලංකාව සූදානම්

කලාපය තුළ කිසියම් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසනවා.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එම නිලධාරීන් මේ බව දැනුම්දී ඇති බව සඳහන්.

ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතුව පවතින බවද පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

Share This