නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට

නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවයි

ඒ අනුව ලබන දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් කාර්යක්ෂමතාවල ගුණාත්මකභාවය වැඩි කිරීමට මෙන්ම නාස්තිය අවම කිරීමටත් බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ දෙසැම්බර් මාසය වන විට විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ගණනය කිරීම තුළින් මෙහෙයුම් ලාභයක් ලැබුවහොත් අප්‍රේල් මාසයේදී ඒ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි

මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට හඳුනාගෙන ඇති අතර තවත් විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් ඉදිකිරීම සඳහා වූ ගිවිසුම් මෙම වසර අවසන් වීමට පෙර අදාළ සමාගම් සමඟ අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්

ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, පූනරීන් ප්‍රදේශයේ ඉදිකරන සුළං බලාගාරය සියඹලාණ්ඩුවේ ඉදිකිරීමට නියමිත සූර්ය පැනල මත බලාගාරය, හම්බන්තොට සූර්ය පැනල මත බලාගාරය, මඩකලපුව සහ පූනකරී ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති සමඟ මෙලෙස ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි

Share This