ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු පියවන්න නියෝග

ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු පියවන්න නියෝග

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය “අසාධාරණ” ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

විනිසුරු Sarah Haggett ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත පිළිබඳව විමසූ අවස්ථාවේ දී එම නියෝගය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු රැසක් පවතින බවයි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට විනිසුරුවරිය නියෝග කර ඇති බව සඳහන්.

ඕස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර සිදු කළ බවට ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

කෙසේවෙතත් අදාළ චෝදනාවලින් පසුව නිදහස් කෙරුණු ධනුෂ්ක ගුණතිලක යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

Share This