
දුම්රිය සේවකයින් 14,869ක් – දීමනා ගෙවන්න මාසිකව රු.මි.1200ක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක සංඛ්‍යාව 14,869ක් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔවුන්ට දීමනා ලබාදීම සඳහා පමණක් මාසිකව රුපියල් මිලියන 1200ක් වැය වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම දෛනික දුම්රිය ගමන් වාර 400කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රවලින් රුපියල් මිලියන 125ක් පමණ මාසිකව දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.
2015 වර්ෂයේ සිට වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජන සංඛ්‍යාව ගණනය කිරීමට සහ ඉන් සිදුවූ පාඩුව ගණනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට වගකීම් භාරදී ඇති බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.