දින 17ක මෙහෙයුම් අවසන් – උමං මාර්ගයේ සිරවී සිටි සියලුදෙනා බේරාගනී

දින 17ක මෙහෙයුම් අවසන් – උමං මාර්ගයේ සිරවී සිටි සියලුදෙනා බේරාගනී

ඉන්දියාවේ උත්තර්කාන්ද් හි උමං මාර්ගයක සිරවී සිටි 41 දෙනාම බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය 12 වනදා සිට ඔවුන් එම උමං මාර්ගය තුළ සිරවී සිටියා.

එම පිරිස මුදාගැනීම සඳහා එරට බලධාරීන් ප්‍රයත්නයන් රැසක් දැරූ අතර දින 17කට පසුවයි ඔවුන් මෙලෙස මුදාගැනීමට හැකියාව ලැබී ඇත්තේ.

එමෙන්ම මෙම පිරිස මුදවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රශංසා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This