තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කළ මියන්මාරය

තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කළ මියන්මාරය

මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබෙනවා.

මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් අදාළ පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවන සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් 27ත් අතර වයස්වල සිටින තරුණියන් අවම වශයෙන් වසර 02ක කාලයක් හමුදා අණ යටතේ සේවය කළ යුතු බව සඳහන්.

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට බලය අත්පත් කරගනු ලැබුවද යළිත් මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරලිකරුවන් සමඟ පැවති සටන්වල දී පරාජයට පත්වීමට සිදුවුණා.

Share This