ණයහිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹෙයි

ණයහිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹෙයි

ණයහිමි රටවල නිල කමිටුව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹ ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබෙනවා.

ණයහිමි රටවල නිල කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය විසින් දරන අතර එහි සාමාජිකයෙක් ලෙස හංගේරියාව ද කටයුතු කරන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඔවුන් මෙරට රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට IMF කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බවයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අනතුරුව EFF වැඩසටහනට අදාළ දෙවැනි වාරිකය නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති.

Share This