

ටෝකියෝ හි භූ කම්පනයක්
ජපානයේ ටෝකියෝ අගනුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව සඳහන්.
එමෙන්ම සිදුව ඇති හානි සම්බන්ධයෙන් ද එරට බලධාරීන් විසින් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
භූ කම්පනය හේතුවෙන් ටෝකියෝ හි දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇති අතර නරීටා ගුවන් තොටුපළේ ධාවන පථය ද තාවකාලිකව වසා දමා තිබෙනවා.