ජූලි මාසයේ විශ්‍රාම වැටුප බැංකු වෙත

ජූලි මාසයේ විශ්‍රාම වැටුප බැංකු වෙත

ජූලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පවසනවා.

රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩවර්ජනයක නිරතව සිටියද, ලියාපදිංචි විශ්‍රාමිකයින් 708,231කට අදාළ විශ්‍රාම වැටුප් දීමනාව මෙලෙස නිදහස් කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර තිබෙනවා.

මේ සමග 99.5% ක පමණ පිරිසකට කිසිඳු ප්‍රමාදයකින් තොරව අදාළ දිනය වන ජූලි 10 වන දින විශ්‍රාම වැටුප් දීමනාව හිමිවනු ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජූලි 08 සහ 09 දිනයන්හි සිය සේවා රාජකාරී සිදු නොකළ හෙයින් 13,000ක පමණ ඉතා සුළු පිරිසකට විශ්‍රාම වැටුප් දීමනාව ජුලි 11 වන දින හිමිවනු ඇති බවද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This