ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිවයිනට

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි Maria Fernanda Garza මෙම සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇය මෙරට දින 05ක සංචාරයක නිරත වනු ඇති.

මෙම සංචාරය අතරතුර ඇය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ සාමාජිකයන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර අංශයේ වර්ධනය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් සිදු කරනු ඇති.

ලොව පුරා රටවල් 170ක සමාගම් මිලියන 45ක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය යටතේ පවතිනවා.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා සභාපති ඇන්තනි ශනිල් ප්‍රනාන්දු මහතා සහ ලේකම් හේමකුමාර ගුණසේකර මහතා ප්‍රකාශ කළේ Maria Fernanda Garzaගේ සංචාරය හරහා මෙරටට ආයෝජන අවස්ථා රැසක් ළඟා කරගැනීමේ හැකියාවක් ද පවතින බවයි.

එසේම ඇය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තිරසාර නාගරීකරණය පිළිබඳ උපදේශන කමිටුවේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කරනවා.

රටවල් අතර නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන්නේ පළමු වරට වීම ද විශේෂත්වයක්.

Share This