ජපන් මුහුදේ අයිස්වල සිරවී සිටි මිනීමරු තල්මසුන් (VIDEO)

ජපන් මුහුදේ අයිස්වල සිරවී සිටි මිනීමරු තල්මසුන් (VIDEO)

ජපානයේ උතුරු දූපතට ඔබ්බෙන් වූ ජලයේ අයිස්වල සිරවී සිටි මිනීමරු තල්මසුන් විශාල ප්‍රමාණයක් ඉන් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මිනීමරු තල් මසුන් මෙම සතිය මුලදී ජපානයේ Hokkaido සිට කිලෝමීටරයක් ​​පමණ දුරින් පිහිටි අයිස් කුට්ටි සහිත ප්‍රදේශයක සිරවී සිටියදී ධීවරයෙකු දැක අදාළ බලධාරීන්ට වාර්තා කර තිබුණා.

පසුව ජපානයේ පාරිසරික කණ්ඩායම් විසින් මෙම මිනීමරු තල්මසුන් මුදවා ගැනීමට එරට රජයේ සහය ඉල්ලා සිටි බව සඳහන්.

එමෙන්ම සිරවී සිටින සතුන් මුදා ගැනීමට අයිස් කඩන යන්ත්‍රයක් යොදවන ලෙස එක් කණ්ඩායමක් ජපාන රජයට පෙත්සමක් පවා ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අයිස්වල සිරවී සිටි මිනීමරු තල්මසුන් මේ වනවිට එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This