ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය 14 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන සමාලෝචන සාකච්ඡා ආරම්භ වූ අතර මෙම සමාලෝචන සාකච්ඡා මාලාවේදී ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සුරක්ෂිත කිරීම මෙන්ම මෙරට ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව විශ්වාසය ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන්.

ඒ අනුව සති 2කට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡා මාලාවේ අවසන් හමුව හෙට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

Share This