ජනපති කොල්ලුපිටිය වාළුකාරාම විහාරයට – කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කෙරේ

ජනපති කොල්ලුපිටිය වාළුකාරාම විහාරයට – කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කෙරේ

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුවුණා

තායිලන්තයේ රාජකීය සඟරජ පරපුරේ ප්‍රාකෘ උඩොම් දම්මානුකුල් විබන්පෑව් නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලුවම් පු සෘෂි කෙත් කැච් තාපසතුමා ඇතුළු තායිලන්ත දායක දායිකාවන්ගේ අනුග්‍රහයෙන් මෙම ලෝහමය ප්‍රතිමාව ඉදිකර ඇති බව සඳහන් වනවා

නාම පුවරුව විවෘත කර කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුව තිබෙනවා

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

Share This