ජනපතිගේ එදා අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණ වූවානම් අද රටේ අධ්‍යාපන ක්‍රමය විශිෂ්ටයි

ජනපතිගේ එදා අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණ වූවානම් අද රටේ අධ්‍යාපන ක්‍රමය විශිෂ්ටයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපනය තුළ සිදු කිරීමට ගිය වෙනස සම්පූර්ණ කළ හැකි වූවා නම් මේ වන විට විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් මේ රටට උරුම වන බව ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා පවසනවා.

රජිත් කීර්ති ‍තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍යට සංගීත භාණ්ඩ ප්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගිය සහභාගි වෙමින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුව ඉතා කෙටි කලක් තුළ ඉටු කරමින් ඔවුන් ඉල්ලා සිටි සංගීත භාණ්ඩ එම පාසල වෙත ප්‍රදානය කිරීම එම විදුහලේදී සිදු කෙරුණා.

සිසුන් විසින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ පසුගිය නොවැම්බර් 03 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මොනරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගණයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදීයි.

එහිදී පාසලේ පවතින සංගීත භාණ්ඩවල හිඟය පිළිබඳ සිසුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම පොරොන්දුව ඉටු කරමින් ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදී එම සිසුන් ඉල්ලා සිටි සියලුම සංගීත භාණ්ඩ මෙදින ප්‍රදානය කළ බව සඳහන්.

Share This