

ගුරු මාරු මණ්ඩල ගැටලුව ගැන හෙට සාකච්ඡාවක්
ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැඳවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා.
අදාළ සාකච්ඡාව සඳහා ගුරු මාරු මණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිති එක් වීමට නියමිතයි
මෙම සාකච්ඡාව තූළදී සිය ගැටලුවට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා