ගිනි ගන්නා නෞකාවෙන් පාවී එන දහනයට ලක්වූ ද්‍රව්‍ය අල්ලන්න එපා

ගිනි ගන්නා නෞකාවෙන් පාවී එන දහනයට ලක්වූ ද්‍රව්‍ය අල්ලන්න එපා

කොළඹ පිටත වරායේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා අදත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවනේ සිට නෞකාවේ ගින්න මතට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක් හෙලීම සිදු කල බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ.

මේ අතර ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ, සෙත්තප්පාඩුව වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබෙනවා.

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් ඇති අතර එම ද්‍රව්‍ය ස්පර්ශ නොකරන ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට යළි දැනුම් දෙනවා.

ගිනි ගන්නා නෞකාවේ ඡායාරූප ;

Share This