ගාසා තීරයේ ගැටුම දිගටම පැවතීමෙන් සිදුවන දේ ගැන බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ ගැටුම දිගටම පැවතීමෙන් සිදුවන දේ ගැන බයිඩන්ගෙන් ප්‍රකාශයක්

ගාසා තීරයේ ගැටුම දිගටම පැවතීමට ඉඩ දීම “හමාස් සංවිධානයට ඔවුන් සොයන දේ ලබා දෙන” බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා .

එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනි දින ප්‍රහාර දියත් කළේ “ඊශ්‍රායල් සහ පලස්තීනුවන් සාමයෙන් එකට ජීවත් වීමට වඩා වැඩි දෙයක් සිදුවනු ඇතැයි යන බිය හේතුවෙන් බවයි .

එමෙන්ම ත්‍රස්තවාදයේ, ප්‍රචණ්ඩත්වයේ, මිනීමැරුම්වල සහ යුද්ධයේ මාවතේ දිගටම ගමන් කිරීම යනු හමාස් සංවිධානයට ඔවුන් සොයන දේ ලබා දීමක් බවත්ය

ඊශ්‍රායලය සහ හමාස් අතර සාමය ඇති නොවන බව පවසමින් අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර සටන් විරාමයකට විරුද්ධ වූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා .

 

Share This