ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්

ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්

ගාසාහි රෆා නගරය දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර මරණ ගණනාවක්ද වාර්තා වී ඇති බව පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සොසයිටි (PRCS) පුණ්‍යායතනය පවසනවා

රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවද සඳහන්

ඊශ්‍රායල හමුදාව පවසා තිබෙන්නේ තමන් දකුණු ගාසා තීරයේ ප්‍රහාර එල්ල කළ බවයි

පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ පලස්තීනුවන්ට ආරක්ෂිතව යා හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැතිට කියා සිටියේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගෙන රෆාහි මිලිටරි මෙහෙයුමක් සිදු නොවිය යුතු බවයි.

Share This