ගාසාහි දරුවන් 600,000ක් අවතැන් – UNICEF සංවිධානය

ගාසාහි දරුවන් 600,000ක් අවතැන් – UNICEF සංවිධානය

ගාසා හි රෆා ප්‍රදේශය ලොව දැඩි ලෙස ජනාකීර්ණ ස්ථානවලින් එකක් බව Unicef සංවිධානය පවසනවා.

එම ප්‍රදේශය දරුවන්ගෙන් සහ පවුල්වලින් පිරී ඇති අතර ඉන් බොහෝ දෙනා දැනටමත් යුද්ධයෙන් අවතැන් වී දුක්ඛිත ජීවිත ගත කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

යුද්දයෙන් අවතැන් වූ මිලියන 1.3 ක ජනතාවගෙන් 600,000 ක් දරුවන් බවද සදහන්.

එමෙන්ම ඔවුන්ට ආරක්ෂිතව යාමට කිසිදු ස්තානයක් නොමැති අතර දරුවන් එසේ හෝ ආරක්ෂා කළ යුතු බවයි Unicef සංවිධානය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This