

කොන්ද නිසා තරග අහිමි වූ ක්‍රීඩකයා
ඉන්දියාවේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට එළඹෙන අයි.පී.එල් තරගාවලිය අහිමිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊට හේතුව ඔහුගේ පිටකොන්දේ ඇති වූ ආබාධයක් බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් මෙම වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ද ඔහුට සහභාගි වීමට නොහැකි වනු ඇති බවටද මත පළ වනවා.