කෙන්යාවේ මැරතන් ලෝක වාර්තාකරු රිය අනතුරකින් ජීවිතක්ෂයට

කෙන්යාවේ මැරතන් ලෝක වාර්තාකරු රිය අනතුරකින් ජීවිතක්ෂයට

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ 24 හැවිරිදි Kelvin Kiptum රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

අනතුර සිදුවන විට කෙන්යානු ක්‍රීඩකයා සිය පුහුණුකරු සමග මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර පුහුණුකරු Gervais Hakizimana ද මිය ගොස් ඇති බව සඳහන් .

Kaptagat සිට Eldoret දක්වා ධාවනය කරමින් සිටියදී මෝටර් රථය පෙරළීමෙන් මොවුන් දෙදෙනාම මිය ගිය බවයි පැවසෙන්නේ

ලෝක මලල ක්‍රීඩා සභාපති Sebastian Coe පැවසුවේ Kelvin Kiptum යනු “ඇදහිය නොහැකි උරුමයක් ඉතිරි කර යන ඇදහිය නොහැකි මලල ක්‍රීඩකයෙක්, අපට ඔහුව ආදරයෙන් මග හැරෙනු ඇති” බවයි.

අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දෙමින් එරට පොලිසිය පවසා ඇත්තේ Kelvin Kiptum රියදුරු බවත්, වාහනය පාලනය නැති වී පෙරලීමෙන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය බවත්ය.

Share This