කුඩා දරුවන්ගේ අක්මා සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර

කුඩා දරුවන්ගේ අක්මා සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා

උතුරු කොළඹ මහ රෝහලේ සිදු කරනු ලබන වයස අවුරුදු 16ට අඩු කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, එවැනි රෝගීන් වෙනුවෙනුයි මෙය ලබාදීමටයි කටයුතු කර ඇත්තේ

එමෙන්ම ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් උපරිමයකට යටත්ව පසුගිය ජනවාරි පළමු වැනිදා සිට ජනාධිපති අරමුදලින් ලබාදීම සිදු කෙරෙනවා

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වැය වන රුපියල් ලක්ෂ හයක මුදල උපරිමයකට යටත්ව පසුගිය ජනවාරි පළමු වැනිදා සිට ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්

Share This