කිලිනොච්චියේ මාරක අනතුරක් – පුද්ගලයෙක් මරුට – ගවයන් 08කුත් මියයයි (PHOTOS)

කිලිනොච්චියේ මාරක අනතුරක් – පුද්ගලයෙක් මරුට – ගවයන් 08කුත් මියයයි (PHOTOS)

කිලිනොච්චිය උමයියාල්පුරම් ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

යාහි සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථය මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් වවුනියාවේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මේ අතර සිදුවු අනතුරින් මාර්ගයේ සිටි ගවයින් 8 දෙනෙකු ද මියගොස් ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පවසන්නේ.

 

Share This