
කින්නියා පාලම් පාරුවේ ක්රියාකරුවන් ලෙස කටයුතු කළ තිදෙනෙක් අත්අඩංගුවට
ත්රිකුණාමලය ,කින්නියාහිදී පාලම් පාරුවක් පෙරලී 6දෙනෙකු මියගිය සිද්ධියට අදාළව එහි ක්රියාකරුවන් ලෙස කටයුතු කළ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
කුරිඤ්ඤන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර තිබෙනවා.