කැබිතිගොල්ලෑවේ මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑවේ මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑව ගලවැව ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 64 හැවිරිදි කටුවලගාලේවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු නිවස ආසන්නපේ ඇති වී මෝලක රැදී සිටි අවස්ථාවේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලික ආරවුලක් මත එම පුද්ගලයට උදැල්ලකින් හිස ප්‍රදේශයට පහර දී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුව රෝහල්ගත කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This