කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන අනතුරු ඇඟවීම (VIDEO)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන අනතුරු ඇඟවීම (VIDEO)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථානවල සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමේ පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

 

 

Share This