

කසිප්පු බූලියක් රැගෙන ‘පාරේ ගිය අයෙක්’ මාලිගාවත්තේ දී හසුවේ
නීති විරෝධී මත්පැන් බූලියක්ද අතැතිව මාලිගාවත්ත ප්රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන ඇඳිරි නීතිය අතරේ මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මාලිගාවත්ත, අලුත් බෝධිරාජ මාවත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවෙස පරීක්ෂා කළ නිලධාරීන් එහි තිබී තවත් නීති විරෝධී මත්පැන් ලීටර් 111.75ක් සොයාගෙන තිබුණා.