
ඖෂධ මිල පහළට – වැඩේ වෙන්නේ මෙහෙමයි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ලබන 15 වැනිදා සිට පහත දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම ඊට හේතුව බවයි.
ඒ අනුව ඖෂධ මිල 16%කින් පමණ අඩු කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.