එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්ගෙන් ජනපතිට සුබ පැතුම්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.

එමෙන්ම මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිතුමා දක්වන කැපවීම ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පිළිගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This