උද්ධිකගේ මෝටර් රථයට වෙඩි තැබූ සිද්ධියේ තොරතුරු

උද්ධිකගේ මෝටර් රථයට වෙඩි තැබූ සිද්ධියේ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තබා ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

එසේම, සැකකරු හෝ සැකකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් බවටත් මේ වනවිට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ ඊයේ(17) දිනයේ දීයි.

ඔහු මෝටර් රථයෙන් නිවසට පැමිණ ඉන් බැස නිවස දෙසට යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට ඉන් කිසිඳු හානියක් සිදු වූයේ නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This