ඊශ්‍රායලයේ ගොවිපලවල සේවයට මලාලි ජාතිකයන් 5,000ක්

ඊශ්‍රායලයේ ගොවිපලවල සේවයට මලාලි ජාතිකයන් 5,000ක්

පසුගිය සති අන්තයේ තරුණයින් 221 දෙනෙකු ඊශ්‍රායලයට යැවීම සම්බන්ධයෙන් විවේචන එල්ල වුවත්, මලාවි රජය ඊශ්‍රායල ගොවිපලවල වැඩ කිරීමට තරුණයින් 5,000ක් යැවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

5,000 ක පමණ තරුණ පිරිසක් එක් කරගැනීම ඔවුන්ගේ ඉලක්කය බවයි මලාවි ප්‍රවෘත්ති අමාත්‍ය Moses Kunkuyu පවසන්නේ.

බොහෝ විවේචනයට ලක්වී ඇති මෙම පියවර ගැන ආරක්ෂා කළ අමාත්‍යවරයා සඳහන් කළේ එය දේශීය හා විදේශීය තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ රජයේ අඛණ්ඩ වැඩපිළිවෙළේ කොටසක් බවයි.

Share This