ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය වන බවයි.

වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඉමාඩ් වසීම් පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 55කට සහ විස්සයි විස්ස තරග 66කට සහභාගී වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී ඔහු අවසන් වරට පාකිස්ථාන කණ්ඩායම වෙනුවන් ක්‍රීඩා කර ඇති බව සඳහන්.

34 හැවිරිදි වියේ පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගෙන තිබෙනවා.

Share This