ඉන්දුනීසියාවේ නව ජනපතිවරයෙකු පත් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

ඉන්දුනීසියාවේ නව ජනපතිවරයෙකු පත් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා වූ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව මිලියන 100 කට අධික ජනතාවක් විසින් නව ජනාධිපතිවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායකයේ ඔවුන්ගේ නියෝජිතයින් තෝරා ගනු ඇති

වත්මන් Joko Widodo වසර 10ක කාලයක් සේවය කිරීමෙන් පසු තුන්වන වාරයක් සඳහා තරඟ කිරීමට නුසුදුසු වනවා

මත විමසුම්වලට අනුව ඉදිරියෙන්ම සිටින්නේ Joko Widodoගේ ආරක්ෂක ඇමති වූ විශ්‍රාමික ජෙනරාල්වරයෙකු වන Prabowo Subianto ය.

Prabowo Subiantoගේ ප්‍රතිවාදීන්ට හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This