ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂිත ණය පහසුකම් ලබාගන්න කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂිත ණය පහසුකම් ලබාගන්න කැබිනට් අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 බැඟින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

එම පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථායීකරණ වැඩිදියුණු කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම යෝජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුලත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමට යෝජනා කර තිබෙනවා.

පළමු උප වැඩසටහන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව 2%ක පොලී අනුපාතයක් යටතේ වසර 5ක සහන කාලයක්ද ඇතුලත් වසර 25ක නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමග ණය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

Share This