අහන්න ලැබුණු නොමිනිස්කම්

අහන්න ලැබුණු නොමිනිස්කම්

ගම්පහ මීරිගම ප්‍රදේශයේ වඩුමඩුවල සේවයට ගොස් කෙටි කලක් එම ස්ථානවල සේවය කරමින් පසුව වඩු යාන්ත්‍රික උපකරණ සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පල්ලේවෙල පොලිසියට හැකිවුණා.

මොරටු බාස් නමින් හඳුන්වන මත්කුඩු පානය සඳහා තදින් ඇබ්බැහි වූ මෙම පුද්ගලයා සොරා ගන්නා එම උපකරණ කොළඹ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානවලට ලබාදී මුදල් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කර තිබෙනවා.

ගාල්ල මීටියාගොඩ පොලිස් වසමේ අලුත්වල ප්‍රදේශයේ නිවසකින් සොරාගත් රුපියල් ලක්‍ෂ 15 කට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් ඊට ආසන්න තවත් ගම්මානයක නිවසක සඟවා තිබියදී පොලිසියෙන් සොයා ගෙන තිබෙනවා.

රන් භාණ්ඩ සමඟ සොරාගත් බව කියන 31 හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

රණ් භණ්ඩවලට අමතරව සැකකරු සතුව තිබූ ජංගම දුරකතන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share This