අස්වැසුම ගන්න 7,000ක් බොරු කියලා (VIDEO)

අස්වැසුම ගන්න 7,000ක් බොරු කියලා (VIDEO)

සාවද්‍ය තොරතුරු ලබාදී අස්වැසුමෙන් ප්‍රතිලාභ ලැබූවන් 7,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ හේතුවෙන් ඔවුන්ව වහා අස්වැසුම වැඩසටහනෙන් ඉවත් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුමෙන් ප්‍රතිලාභ ගන්නා පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 15 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව මෙම කාල සීමාවෙන් පසුව අයදුම් කරන කිසිවෙකුත් අස්වැසුම සඳහා සුදුසුකම් නොලබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Share This