අලුතින් විදේශ ණය ලබාගැනීමට හැකියාවක් අපේ රටට නැහැ -ඇමති බන්දුල

අලුතින් විදේශ ණය ලබාගැනීමට හැකියාවක් අපේ රටට නැහැ -ඇමති බන්දුල

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරුන්ගේ සහ ඉහළ කළමනාකාරීත්වයේ වාර්ෂික හමුව ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා .

ආයතනයේ එක් එක් අංශයන්හි පසුගිය වසරේ අත්කරගත් ප්‍රගතිය සහ මෙම වසරේ ලඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක සහ සැලසුම් පිලිබඳ මෙහිදී එක් එක් අංශ ප්‍රධානීන් විසින් පැහැදිලි කරනු ලැබුවා

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ “දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් විදේශීය ණය නොගෙවීම මත තවදුරටත් කිසිදු සංවර්ධන කටයුත්තකට, පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස් රථ ලබාගැනීමට ආදී කිසිදු කටයුත්තකට අලුතින් විදේශ ණය ලබාගැනීමට හැකියාවක් අපේ රටට නැති බවයි “.

එම නිසා ජාත්‍යන්තර සංවිධානවල සහ විදේශ විශේෂඥ සමාගම්වල සහයෝගයෙන් ණය නැවත ගෙවීම පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි වසර 25-30ක කාලය තුළ ඒ වැඩපිළිවෙලට අනුව කටයුතු කිරීම අනිවාර්යය බවත් ඉන්දියාව, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම වෙනම වැඩපිළිවෙලක් සඳහා අත්සන් තැබීමට එකඟතාවය පළකර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා .

Share This