අරගලයේ මානසික අසහනකාරයෝ වස බීලා සියදිවි හානි කරගන්නවා – ඇමති ප්‍රසන්න කියයි

අරගලයේ මානසික අසහනකාරයෝ වස බීලා සියදිවි හානි කරගන්නවා – ඇමති ප්‍රසන්න කියයි

අරගලයට සම්බන්ධ වී සිටි මානසික අසහනකාරයන් වස බී සියදිවි නසා ගන්නා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ සිය පියාණන්ගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් උඩුගම්පළ පිහිටි සිය පියාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.

එසේම අරගල සමයේ කුඩාරම්වල සිටි ඇතැම් පාර්ශ්වයන්ට ළමයින් ලැබීමෙන් පසුව එම ළමුන් මාර්ගවල දමා යමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පොහොට්ටුව තුළ දේශපාලන බෙදීමක් පවතින බවට වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළා.

නව කැබිනට් සංශෝධනයක් සිදුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වැඩ කිරීමට හැකියාවක් ඇති පුද්ගලයන් සිටින බැවින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු විය යුතු බවයි.

Share This