අමෙරිකාව සහ එංගලන්තය එක්ව හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි (VIDEO)

අමෙරිකාව සහ එංගලන්තය එක්ව හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි (VIDEO)

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රහාරක ගුවන් යානා යේමනයේ හවුති ඉලක්ක 18කට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් සිදු කරන ලද සිව්වන ඒකාබද්ධ මෙහෙයුම බවයි අමෙරිකාවේ පෙන්ටගනය පවසන්නේ.

එක්සත් ජනපදය පවසන්නේ අද(25) ප්‍රහාර එල්ල කළේ රේඩාර් සහ සටන්කාමී ව්‍යාපාරයේ හෙලිකොප්ටරයකට එරෙහිව බවයි.

හවුතිගේ හැකියාවන් “තවදුරටත් පහත හෙලීමට” එක්සත් ජනපදය හා එක්ව ක්‍රියා කළ බව එක්සත් රාජධානිය පවසනවා.

රතු මුහුදේ වෙළඳ මාර්ගයේ නැව් ගමනාගමනයට ඉරානයේ පිටුබලය ලබන හවුතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

සනා අගනුවර ඇතුළු යේමනයේ විශාල ප්‍රදේශයක් පාලනය කරන හවුතිවරු විසින් අඛණ්ඩව ඊශ්‍රායල-ගාසා යුද්ධයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට සහ බටහිරට සම්බන්ධ යැයි ඔවුන් පවසන යාත්‍රා ඉලක්ක කර කරමින් ප්‍රහාර දියත් කරමින් සිටිනවා.

ලෝකයේ කාර්යබහුලම නැව් මංතීරුවලින් එකක් වන රතු මුහුදෙන් ඉවතට ගමන් කරන විශාලතම නැව් සමාගම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස ගෝලීය සැපයුම් දාමයන් බිඳවැටී ඇති අතර මේ නිසා පිරිවැය ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This