අපරාධ සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය සෙල්වානගර් ප්‍රදේශයේ දී අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය 23 වැනිදා රාත්‍රි කාලයේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් ගත් මගියෙකු බසයෙන් බස්සවා පිහියෙන් කපා තුවාල සිදු කර ඇති බව සඳහන්.
එමෙන්ම පසුගිය 25 වැනිදා උට්ටුපලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් පහර දී ඝාතනයක් සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවයි පොලිසිය පැවසුවේ
සැකකරුගේ ප්‍රකාශ මත අපරාධය සඳහා යොදාගත් ආයුධ සොයා ගෙන ඇති අතර එම අපරාධ සඳහා සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙක් ද අනාවරණය කර ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 27 හැවිරිදි අක්කරායන්කුලම් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ