අනියම් පෙම නිසා දිවි අහිමි වූ කත

අනියම් පෙම නිසා දිවි අහිමි වූ කත

වඳුරඹ පොලිස් වසමේ නාත්තේවල ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (26) උදෑසන නාත්තේවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාන්තාවක් තුවාල ලබා වැටී සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි වඳුරඹ පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වන නාත්තේවල,වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන ලද පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇතිබවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

මෙම ඝාතනය සිදුකළ සැකකරු වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.

Share This