

අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් යයි
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම කල් දමා තිබෙනවා.
කල් දැමීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා නොවන අතර,අදාළ රැස්වීම ලබන සඳුදා පෙරවරු 11 ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.