අද දැයෙන් සමුගත් ආර්. සම්පන්දන් (VIDEO)

අද දැයෙන් සමුගත් ආර්. සම්පන්දන් (VIDEO)

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත ආර් සම්පන්දන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදි අද (07) පස්වරුවේදී සිදු කෙරුණා.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවයි

එමෙන්ම සම්පන්දන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා

Share This